Wednesday, October 10, 2012

සමුදෙමි කදුලට

අද රෑ නින්දේ දෙනෙත් පියාගෙන
අතිතයෙන් සමුගන්නෙමි මම්
පෙර දවසේ වු දුකත් තුරුලු කර
දුකත් රැගෙන මියදෙන්නෙමි මම්
අතීතයක් නැති නව මිනිසෙකු ලෙස
හෙට යලි පිබිදි හිනැහෙමි මම්
සැමදා මියයමි යලි උපදින්නෙමි
සමුදෙමි කදුලට මෙලෙසින් මම්

සිහිනයක් වු අතීතයේ නැවතී
හඩමින් සැමදා දුක්විදිනා මිනිසුන්
එකතු කොටගෙන ඒ දුක් සුසුමන්
මකාලනු කාලයෙ වැලි තලයෙන්

දුක අල්ලාගෙන සිහින පොදි බදිමින්
හඩමින් සැමදා දුක් විදිනා මිනිසුන්
තමකම දුරලා ආසා දුරලනු
සිනහව පමනක් දැන් ඉතිරිව ඇත

Sunday, October 7, 2012

මමත්වය

කුමක් කරන්නද කවුරුන් හෝ මට
මා කියා කෙනෙකුන් නැතිනම් ලොවේ
දුකක් කොහිද මට සැපක් කොහිද මට
මා කියා කෙනෙකුන් නැතිනම් ලොවේ

තමකම නසමින් කුරුසිය දරමින් පසුපස එන්නයි ජේසුන් කිවේ
බැදිම් අතහැර මැදුම් පිලිවෙතින් එතෙර වන්නටයි බුදුන් වදාලේ
තමන් ගැනම සිතමින් මිනිසුන් මන්මුලා වි සසර වලල්ලේ...

කුමක් කරන්නද කවුරුන් හෝ මට
මා කියා කෙනෙකුන් නැතිනම් ලොවේ
දුකක් කොහිද මට සැපක් කොහිද මට
මා කියා කෙනෙකුන් නැතිනම් ලොවේ

අතීතයේ දුක්වන මිනිසා
සිහින පොදි බදියි හෙට උදෙසා
මමත්වයෙන් පිරි ඒ මිනිසා
සැමදා හඩමින් දිවිගෙවනා