Wednesday, October 10, 2012

සමුදෙමි කදුලට

අද රෑ නින්දේ දෙනෙත් පියාගෙන
අතිතයෙන් සමුගන්නෙමි මම්
පෙර දවසේ වු දුකත් තුරුලු කර
දුකත් රැගෙන මියදෙන්නෙමි මම්
අතීතයක් නැති නව මිනිසෙකු ලෙස
හෙට යලි පිබිදි හිනැහෙමි මම්
සැමදා මියයමි යලි උපදින්නෙමි
සමුදෙමි කදුලට මෙලෙසින් මම්

සිහිනයක් වු අතීතයේ නැවතී
හඩමින් සැමදා දුක්විදිනා මිනිසුන්
එකතු කොටගෙන ඒ දුක් සුසුමන්
මකාලනු කාලයෙ වැලි තලයෙන්

දුක අල්ලාගෙන සිහින පොදි බදිමින්
හඩමින් සැමදා දුක් විදිනා මිනිසුන්
තමකම දුරලා ආසා දුරලනු
සිනහව පමනක් දැන් ඉතිරිව ඇත

Sunday, October 7, 2012

මමත්වය

කුමක් කරන්නද කවුරුන් හෝ මට
මා කියා කෙනෙකුන් නැතිනම් ලොවේ
දුකක් කොහිද මට සැපක් කොහිද මට
මා කියා කෙනෙකුන් නැතිනම් ලොවේ

තමකම නසමින් කුරුසිය දරමින් පසුපස එන්නයි ජේසුන් කිවේ
බැදිම් අතහැර මැදුම් පිලිවෙතින් එතෙර වන්නටයි බුදුන් වදාලේ
තමන් ගැනම සිතමින් මිනිසුන් මන්මුලා වි සසර වලල්ලේ...

කුමක් කරන්නද කවුරුන් හෝ මට
මා කියා කෙනෙකුන් නැතිනම් ලොවේ
දුකක් කොහිද මට සැපක් කොහිද මට
මා කියා කෙනෙකුන් නැතිනම් ලොවේ

අතීතයේ දුක්වන මිනිසා
සිහින පොදි බදියි හෙට උදෙසා
මමත්වයෙන් පිරි ඒ මිනිසා
සැමදා හඩමින් දිවිගෙවනා

 

Sunday, June 3, 2012

අහසෙ පාවෙන වලාකුලේ

අහසෙ පාවෙන වලාකුලේ
කොයිබද ඔබ යන්නේ
යනවා යනවා නොනැවත යනවා
කුමකට ඔබ යන්නේ

කුමකට යනවද කොයිබට යනවද
ඔබ නෑ එය දන්නේ
හමනා මද නල ගෙනියන තැනකට
සතුටින් ඔබ යන්නේ

කුමක් කරනවද කොයිබට යනවද
අපි නෑ එය දන්නේ
ඇතින් පෙනෙනා මිරිගුව පසුපස
හතිලා දිව යන්නේ

Sunday, May 20, 2012

බොලද ආදරයක්

බොලද ආදරයක් එපා මට
එපා ඔබෙන්.....//

නැගෙන හිරු... හිරු ලෙස දකිමින්
බැසයන සද ලෙස දකිමින්
ජිවිතයේ ඇති සිනහව මෙන්
දුක් සුසුමන් ලෙස දකිමින්

බොලද ආදරයක් එපා මට
එපා ඔබෙන්.....//

රෝස කුසුම් නැත ඔබට පුදන්නට
සිහින පෙලක් නැත ඔබට කියන්නට
එනමුදු සැමදා ඔබ ලග ඉන්නම්
ඔබෙ අත ගෙන මා දිවි මග යන්නම්

බොලද ආදරයක් එපා මට
එපා ඔබෙන්.....//

රොස මලින් පිරි දිවියක් නැත මට
කටු වැල් බාදක එමටයි දිවිමග
ඔබ හිනැහෙන විට හිනැහෙමි එනමුදු
ඔබ හඩනා විට එක්ව හඩන්නෙමි

Saturday, April 28, 2012

අහිමි වු සෙනෙහස 2

මලක් වෙලා ඔබ පිපිලා අතු අග
සුවද විහිදවයි දසතේ
සදක් වෙලා ඔබ පායා අහසේ
අදුර බිදියි මිහිතලයේ

මලේ සුවද පමනයි හිමි මා හට
මල නැත හිමිවන්නේ
සදේ සිසිල පමනයි හිමි මා හට
සද නැත හිමිවන්නේ

මා හැරදා අද ඈතට පියබන
මාගේ කිරිල්ලියේ
සුබ පතලන්නම් ඔබගේ දිවියට
කදුලක් නෙතු අග රැදෙන වෙලේ

පෙර බවයක මා පව් කරලන්නැති
එකයි ඔබ මට හමුනූයේ
තව දහසක් වර උපදින්නෙමි මා
ඔබගේ සෙනෙහස ලබන ලෙසේ

මහිමය

අහස පුපුරා මහ හඩින්
දසත ගිනිදැල් විහිදමින්
වහින වැස්සේ ඔබේ මහිමය
දුටුවා සමිදුනි නෙත් දෙකෙන්

පාන්දර හිරු නැගෙන යාමේ
දසත විහිදෙන විහග රාවේ
කියයි මහිමය සමිදුනි ඔබගේ
ඇසුනි මට එය දෙසවනින්

වියලි කතරක ගිනි නිවන්නට
දසත දිවයන පවන් රැල්
හමන සුලගේ ඔබේ මහිමය
දැනුනි සමිදුනි හදවතින්

Wednesday, April 4, 2012

කම්මැලි කමට හිතෙන දේවල්...1

දිලෙන සද වට නොදිලෙන තරු කැට
මැකීයන මුත් සදේ එලියෙන්
කිසිදින නොයයි සද අතැර නුබ.....

අහන්කාර පුන්සද පෙම් නොබැන්දත්
පුන්චි නුබ හට

හැමදාම නුබ අදරෙයි ඒ සදට....

Friday, March 16, 2012

සමුගෙන යන්නම්


හෙට දින මියයාහැකි පිලිකාවකින් පෙලෙන තරුණයෙක්.....
මේ කිසිත් නොදන්නා තරුණියක්.....
.............................................................................................

නෙතු පියන් සලා ඔබ හිනහෙනවා දැක...
හදවත ඉකිබින්දා මතකයි
දෑසේ කදුලක් සගවන්නට මා සිනාසුනා මතකයි...............

මා නැති ලොව ඔබ හඩාවැටෙනු ඇත...
ඔබ සනසන්නට නැත මා හෙට දිනයේ.....
හිස අතගා ඔබ මගේ කියන්නට..
දෑතම අල්ලා සිනහ නගන්නට...
නැත මා හෙට දිනයේ....................

හෙට නැගෙනා හිරු මා නොදකින බව
කෙලෙස කියන්නද කුමරිය ඔබ හට
පුන්චි ඔබේ සුන්දර දෙනෙතේ...
කදුලක් නොම වේවා...
සතුටු සිතින් ඔබ හිනහේවා.........

මතු යම් දිනයක යලි හමුවෙන්නට
පැතුමක් සිතේ දරා..
වෙන්වී යන්නම් යලි නොම එන්නට
පුන්චි ඔබේ නෙතු දිහා බලා...............

Thursday, March 15, 2012

කදුලේ අතරමන් වු සිනහව

කටු අත්තක පිපි රෝස මලේ
ඔබ කොහොමද හිනෙහි ඉන්නේ
මඩ වගුරක පිපි නෙලුම් මලේ
කොහොමද ඔබ සුවදින් පිරුනේ

සැප දුක සමබර මේ ලොකේ
දුක අසලම සිනහව වුයේ
දුක පමනක් වටහා ගත්තෝ
දුක පමනක් දෙනෙතින් දුටුවෝ

ගලනා දිය කද හමනා මද නල
පැතිරෙන ගී හඩ නැ ඇසුනේ
දුක් සුසුමන් මැද වැලපෙන විරහව
පමනකි ඔබ හට නිති ඇසුනේ


Saturday, March 10, 2012

For U yesh ........

නිහඩ අහසේ තනිය මකන්නට සද දෙව්දුව ආවා
වියලි කතරට සිසිලස දෙන්නට මද වැසි ඇද වැටුනා
තනිව හඩනා වෙරල සිබින්නට රල පෙල දිව ආවා
මියැදුනු හදකට ජිවය දෙන්නට සුරලොව විවර වුනා

සුරලොවින් ආ කුමරියයි ඔබ
ජීවය ගෙන ආවා
සැමදා දැල්වෙන පහනකි ඔබ මට
අදුරෙන් එතෙර වුනා

මගෙ අහසින් සද වෙන්වන දා
මගෙ දෙනෙතින් ලොව ගිලිහෙන දා
වෙන්වි යන්නම් යලි නොම එන්නට
ඔබෙ රුව පමණක් සිතේ දරා.......

Wednesday, February 22, 2012

අහිමි වු සෙනෙහස

නිසල විල් තෙර හිදින මා හට ඔබේ රුවමයි මැවෙන්නේ
නිසල විල් අග නැගුනු නෙලුමන් ඔබේ රුවමයි මවන්නේ
පැතු සිහිනය බොද වුනා එය කෙලෙස මා එය සිතන්නේ
සිතන සැමවිට දෙනෙත පුරවා කදුලු මිනිකැට ගලන්නේ

දැත් පටලා සිනහා වු ඒ සොදුරු මතකය පෙනෙන්නේ
මාව තනිකර මාව හැරදා ගියේ කිවමැන සොදුරියේ
දුකක් නැත මට එයයි දයිවය මා ලැබු මේ මනුබවේ
තබන පියවර මල් පිපේවා ඔබේ එ දිවි මන්පෙතේ

දිනෙක මියයමි නිසල විල් අග දුකක් නැත මගෙ හදවතේ
මගේ දේහය බලන්නට ආ සොදුර නොහඩන් කිසිදිනේ
ලබන සසරක මුනගැසෙමු යලි වෙන්නොවන්නට මෙලෙසේ
නිසල විල් අග හිදින්නම් මා දකින්නට ඔබ පෙර ලෙසේ

This is for you .........



රෝස මලට මිනිසුන් මෙතරම්
අදරේ කරන්නේ ඇයි නොදනිම්
රෝස මලේ කටු නොවුනානම්
සෙනෙහස පුදයිද ... මිනිසුන් මෙතරම්

ඔබ මත ඇති කටු මහද ඇනී
රිදුම් දුන්න සැටි තවම මැවේ
කටු හැරලා නෙලලා ගත්තේ
ඔබ සුරැකිව අද මගෙ දෝතේ

මගේ දෑතේ ඔබ නැලවෙන්නේ
දෙනෙත සලා ඔබ හිනැහෙන්නේ
දිවිය තිබෙන තුරු රැකගන්නේ
ඔබ හැරලා නැහැ මම යන්නේ........