Saturday, March 30, 2013

අරුම පුදුමයි ජිවිතේ


සිහිනයක්දෝ මයාවක්දෝ ජිවිතේ නුබ ජිවිතේ
විටෙක හඩවයි විටෙක හිනැහෙයි
අරුම පුදුමයි ජිවිතේ........

සුවද ඉහිරෙන විකසිත කුසුමකි සුන්දරයි මේ ජිවිතේ
ගලන ගගකට හමන සුලගට
වඩා ලස්සන ජිවිතේ........

සිහිනයක්දෝ මයාවක්දෝ ජිවිතේ නුබ ජිවිතේ
විටෙක හඩවයි විටෙක හිනැහෙයි
අරුම පුදුමයි ජිවිතේ........

දිය බිදක් නැති වියලි කතරකි හඩා වැලපෙන ජිවිතේ
දුක් සුසුම් මැද තනිව වැලපෙන
විරහ ගීයකි ජිවිතේ........



Wednesday, October 10, 2012

සමුදෙමි කදුලට

අද රෑ නින්දේ දෙනෙත් පියාගෙන
අතිතයෙන් සමුගන්නෙමි මම්
පෙර දවසේ වු දුකත් තුරුලු කර
දුකත් රැගෙන මියදෙන්නෙමි මම්
අතීතයක් නැති නව මිනිසෙකු ලෙස
හෙට යලි පිබිදි හිනැහෙමි මම්
සැමදා මියයමි යලි උපදින්නෙමි
සමුදෙමි කදුලට මෙලෙසින් මම්

සිහිනයක් වු අතීතයේ නැවතී
හඩමින් සැමදා දුක්විදිනා මිනිසුන්
එකතු කොටගෙන ඒ දුක් සුසුමන්
මකාලනු කාලයෙ වැලි තලයෙන්

දුක අල්ලාගෙන සිහින පොදි බදිමින්
හඩමින් සැමදා දුක් විදිනා මිනිසුන්
තමකම දුරලා ආසා දුරලනු
සිනහව පමනක් දැන් ඉතිරිව ඇත

Sunday, October 7, 2012

මමත්වය

කුමක් කරන්නද කවුරුන් හෝ මට
මා කියා කෙනෙකුන් නැතිනම් ලොවේ
දුකක් කොහිද මට සැපක් කොහිද මට
මා කියා කෙනෙකුන් නැතිනම් ලොවේ

තමකම නසමින් කුරුසිය දරමින් පසුපස එන්නයි ජේසුන් කිවේ
බැදිම් අතහැර මැදුම් පිලිවෙතින් එතෙර වන්නටයි බුදුන් වදාලේ
තමන් ගැනම සිතමින් මිනිසුන් මන්මුලා වි සසර වලල්ලේ...

කුමක් කරන්නද කවුරුන් හෝ මට
මා කියා කෙනෙකුන් නැතිනම් ලොවේ
දුකක් කොහිද මට සැපක් කොහිද මට
මා කියා කෙනෙකුන් නැතිනම් ලොවේ

අතීතයේ දුක්වන මිනිසා
සිහින පොදි බදියි හෙට උදෙසා
මමත්වයෙන් පිරි ඒ මිනිසා
සැමදා හඩමින් දිවිගෙවනා

 

Sunday, June 3, 2012

අහසෙ පාවෙන වලාකුලේ

අහසෙ පාවෙන වලාකුලේ
කොයිබද ඔබ යන්නේ
යනවා යනවා නොනැවත යනවා
කුමකට ඔබ යන්නේ

කුමකට යනවද කොයිබට යනවද
ඔබ නෑ එය දන්නේ
හමනා මද නල ගෙනියන තැනකට
සතුටින් ඔබ යන්නේ

කුමක් කරනවද කොයිබට යනවද
අපි නෑ එය දන්නේ
ඇතින් පෙනෙනා මිරිගුව පසුපස
හතිලා දිව යන්නේ

Sunday, May 20, 2012

බොලද ආදරයක්

බොලද ආදරයක් එපා මට
එපා ඔබෙන්.....//

නැගෙන හිරු... හිරු ලෙස දකිමින්
බැසයන සද ලෙස දකිමින්
ජිවිතයේ ඇති සිනහව මෙන්
දුක් සුසුමන් ලෙස දකිමින්

බොලද ආදරයක් එපා මට
එපා ඔබෙන්.....//

රෝස කුසුම් නැත ඔබට පුදන්නට
සිහින පෙලක් නැත ඔබට කියන්නට
එනමුදු සැමදා ඔබ ලග ඉන්නම්
ඔබෙ අත ගෙන මා දිවි මග යන්නම්

බොලද ආදරයක් එපා මට
එපා ඔබෙන්.....//

රොස මලින් පිරි දිවියක් නැත මට
කටු වැල් බාදක එමටයි දිවිමග
ඔබ හිනැහෙන විට හිනැහෙමි එනමුදු
ඔබ හඩනා විට එක්ව හඩන්නෙමි

Saturday, April 28, 2012

අහිමි වු සෙනෙහස 2

මලක් වෙලා ඔබ පිපිලා අතු අග
සුවද විහිදවයි දසතේ
සදක් වෙලා ඔබ පායා අහසේ
අදුර බිදියි මිහිතලයේ

මලේ සුවද පමනයි හිමි මා හට
මල නැත හිමිවන්නේ
සදේ සිසිල පමනයි හිමි මා හට
සද නැත හිමිවන්නේ

මා හැරදා අද ඈතට පියබන
මාගේ කිරිල්ලියේ
සුබ පතලන්නම් ඔබගේ දිවියට
කදුලක් නෙතු අග රැදෙන වෙලේ

පෙර බවයක මා පව් කරලන්නැති
එකයි ඔබ මට හමුනූයේ
තව දහසක් වර උපදින්නෙමි මා
ඔබගේ සෙනෙහස ලබන ලෙසේ

මහිමය

අහස පුපුරා මහ හඩින්
දසත ගිනිදැල් විහිදමින්
වහින වැස්සේ ඔබේ මහිමය
දුටුවා සමිදුනි නෙත් දෙකෙන්

පාන්දර හිරු නැගෙන යාමේ
දසත විහිදෙන විහග රාවේ
කියයි මහිමය සමිදුනි ඔබගේ
ඇසුනි මට එය දෙසවනින්

වියලි කතරක ගිනි නිවන්නට
දසත දිවයන පවන් රැල්
හමන සුලගේ ඔබේ මහිමය
දැනුනි සමිදුනි හදවතින්